ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් මගින් ඊයේ (ජුලි 05) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයට නාවික සැතපුම් 15 ක් සහ කොවිලම් තුඩුවට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයට නවික සැතපුම් 7.5 ක් පමණ දුරකදී එම ධිවරයින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය යාත්‍රාවන් සහ අනෙකුත් භාණ්ඩ කරෙයිනගර්හි පිහිටි ශ්‍රීලංනානෞ එළාර ආයතනය වෙතද ධීවරයින් කන්කසන්තුරයහි පිහිටි ශ්‍රීලංනානෞ උත්තර ආයතනය වෙතද රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.