වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් මගින් ඊයේ (ජුලි 05) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

06 Jul 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජුලි,06) වෙල්ල මුන්දලම් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

06 Jul 2017

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජුලි 06) ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

06 Jul 2017