නීති විරෝධී ලෙස අල්ලන ලද පොල් කොළ මෝරු (Ocean white strip shark) තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් පදනම් කර ගනිමින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජුලි 07) උදැසන බේරුවල ධිවර වරාය පරික්ෂාවට ලක් කරන ලදි. එහිදි, වඳ විමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලබ ගණයේ මත්ස්‍ය විශේෂයක් වන පොල් කොළ මෝරු (Ocean white strip shark) ක්‍රිලෝග්‍රෑම් 114 ට්‍රෝලර් යාත්‍රාවක් තුළ සගවා තිබියදි අත්අඩංගුවට ගන්නා ලදි.
ඒ සමඟ පොල් කොළ මෝරු ජාවරමෙහි නිරතව සිටි පුද්ගලයින් හයදෙනෙකුද (06) අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව එම පුද්ගලයින්, ට්‍රෝලර් යාත්‍රාව සහ මෝරු තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කළුතර, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.





