ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 8) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

දෛනික මුර සංචාරයෙහි යෙදි සිටි උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාව මගින් මොවුන් කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයට නාවික සැතපුම් 13 ක් පමණ දුරකදී එම ධිවරයින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය යාත්‍රාව සහ අනෙකුත් භාණ්ඩ කරෙයිනගර්හි පිහිටි ශ්‍රීලංනානෞ එළාර ආයතනය වෙතද, ධීවරයින් කන්කසන්තුරයහි පිහිටි ශ්‍රීලංනානෞ උත්තර ආයතනය වෙතද රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.