ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් විවෘත කෙරේ‍
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ සහ නාවික ස්ථානගත කිරිමි කිරින්ද ආයතනයේ ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (ජූලි 11) විවෘත කෙරිණි.

ඒ අනුව, මහානාග ආයතනයේ නාවික පුද්ගලයන් 1354 දෙනෙකුට සහ නාවික ස්ථානගත කිරිම් කිරින්ද ආයතනයේ නාවික පුද්ගලයන් 62 දෙනෙකුකට එමගින් තම පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරිම සදහා නාවික හමුදා ප්‍රජා සත්කාරක අරමුදල මගින් මූල්‍යමය දායකත්වය ලබා දෙන ලදී.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලද මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 230 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇත. එමගින් පවුල් 107,510 කට හා පාසැල් දරු දැරියන් 80,185 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.