වැදගත් සිදුවීම්

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජූලි 11) උදෑසන කෝකිලායි ප්‍රදේශයට අයත් කෝක්කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට සමත් විය.

11 Jul 2017

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 11) නොරෙච්චෝලෙයි ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති 1000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

11 Jul 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් විවෘත කෙරේ‍
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

11 Jul 2017

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (ජූලි 11) ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී නව ආරක්ෂක ලේකම්, කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

11 Jul 2017

රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද (11) විශ්‍රාම යන ලදී.

11 Jul 2017