වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 11) නොරෙච්චෝලෙයි ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති 1000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ඖෂධ පෙති මත්විම සඳහා භාවිතා කරන අතර, එම මත් පෙති තොගය නීති විරෝධී ලෙස එම ප්‍රදේශයේ බෙදාහැරිම සඳහා රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත් වී ඇත. එම පුද්ගලයා සහ නීති විරෝධී ඖෂධ තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා නොරෙච්චෝලෙයි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.