හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක්, නාවික හමුදා සුනඛ අංශයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමක දී ඊයේ (12) හෙරොයින් ග්‍රෑම් 64.86 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

මොරටුව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.