වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමග පුද්ගලයින් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කරන ලද සෝදිසි කිරීමකදී අද (14) කොළඹ, හැව්ලොක්සිටි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත.

14 Jul 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (14) නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 21 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

14 Jul 2017

රියර් අද්මිරාල් ඩග්ලස් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ (දන්ත වෛද්‍ය) වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් ඩග්ලස් පෙරේරා මහතා සිය 31 වසරක නාවික සේවය නිමා කරමින් අද (14) විශ්‍රාම යන ලදී.

14 Jul 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ජූලි මස 12 වන දින නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

14 Jul 2017