කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමග පුද්ගලයින් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කරන ලද සෝදිසි කිරීමකදී අද (14) කොළඹ, හැව්ලොක්සිටි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කේරළ ගංජා තොගය අලෙවි කිරිම සඳහා ත්‍රිරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙසේ අත්අඩංගුවට පත් වී ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර කාන්තාවක් ද වේ. එම පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ත්‍රිරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නාරාහේන්පිට පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.