වැදගත් සිදුවීම්

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියාගේ දිවි බේරා ගත් නාවික පුද්ගලයන් ඇගැයුමට
 

පසුගිය ජූලි මස 11 වන දින සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා දායක වූ නාවික පුද්ගලයන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඇගයුමට ලක් විය.

17 Jul 2017

වැලිසර ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය සඳහා ඩිජිටල් ශබ්ද විකාශණ යන්ත්‍ර සහ එල්ඊඩී විදුලි ලාම්පු ප්‍රදානය කෙරේ
 

චීනයේ යුහාන් විශ්වවිද්‍යාලයේ පාඨමාලාවන් කීපයක් හැදෑරූ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අළුතින් ස්ථාපනය කරන ලද ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාගයන් කිහිපයක් සිදු කරන ලදී.

17 Jul 2017

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කර එම ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත කර්නල් රොබට් නොක්ස් රෝස් මහතා අද (17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

17 Jul 2017

ප්‍රවාහන සහායක ආර්එස්එම්පීඑන් කුමාර නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ ප්‍රවාහන සහායක ආර්එස්එම්පීඑන් කුමාර වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී.

17 Jul 2017