වැදගත් සිදුවීම්

ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානය සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සේවා ගමන් වාර 10,000 සම්පූර්ණ කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථායෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව අද දහවල් වන විට 10,000 ඉක්මවා ඇත.

18 Jul 2017

කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
 

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරේ සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

18 Jul 2017

‘අන්තර් සමාජ සුපර් සෙවන්ස්’ කාන්තා රග්බි ශූරතාවලියේ ජයග්‍රහනය හිමි කර ගත් නාවික හමුදා කණ්ඩායම නාවික හමුදාධිපතිතුමාගේ විශේෂ ඇගැයුමට
 

‘අන්තර් සමාජ සුපර් සෙවන්ස්’ කාන්තා රග්බි ශූරතාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Jul 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) නච්චිකුඩා ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේ තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

18 Jul 2017