ජ්‍යෙෂ්ඨ නාවිකයන් දහසකට (1,000) පොලී රහිත ණය මුදල්
 

ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්‍රදානය කිරීමේ වැඩසටහනේ දහ තුන්වන (13) අධියර යටතේ අද (ජූලි 28) ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා ප්‍රේශණපත් පිරිනැමීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ අද දින ප්‍රථිලාභ ලබා ගත් නාවිකයන් 25 දෙනා ඇතුළුව මේ වන විට ජ්‍යෙෂ්ඨ නාවිකයන් 1,000 ක් දෙනා මෙකී ප්‍රතිලාභය ලබා ගෙන තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමාගේ ලේකම්, අධ්‍යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල්, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා, නාවික සහන පදනමේ කළමණාකරු ලුතිනන් කොමාණ්ඩර් කේඑම් දයානන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.