වැදගත් සිදුවීම්

අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය මගින් තවත් රණවිරු පවුලක් වෙත නව නිවසක්
 

අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද තවත් නව නිවසක් අද (11) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික රණවිරුවෙකු වූ ලුතිනන් උදය ඕවිටිගල මහතාගේ බිරිද වෙත ප්‍රදානය කෙරිණි.

11 Aug 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැ‍ගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු,10) පුල්මුඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

11 Aug 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට
 

නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධා‍නයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව අද (අගෝස්තු 11) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී මන්නාරම, එලුතූර් මන්සංදියේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත.

11 Aug 2017