වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 16) පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 7.5 ක් පමණ උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

16 Aug 2017

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (2017 අගෝස්තු 16) මුතුර්, පුන්නයාඩි මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

16 Aug 2017