අතිගරු ජනාධිපතිතුමන් අතින් නව නාවික හමුදාධිපති පත්විම් ලබයි
 

රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස අති ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අද (2017 අගෝස්තු 18) පත් කරන ලදී. ඒ අනුව ජනාධිපති නිල නිවසේ දී අති ගරු ජනාධිපතිතුමා අතින් නව නාවික හමුදාපතිවරයා වෙත පත්වීමේ ලිපිය ප්‍රදානය කරන ලදී.

මේ අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුද සහභාගීවි සිටියහ.

තවද, 1982 වසරේදී ශ‍්‍රී ලංකා නාවික හමුදා 11 වන ශිෂ්‍යභට නිලධාරි බදවා ගැනිමට එක්ව ඇති ට‍්‍රැවිස් සින්නයියා මහතා ප්‍රකට කළ නිර්භිතභාවය සහ මව්බිම වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී සේවාව වෙනුවෙන් වීර වික‍්‍රම විභූෂණ, රණවික‍්‍රම පදක්කම සහ රණශූර පදක්කම ඇතුළු පදක්කම් රාශියකින් සම්මානයන්ට පාත‍්‍ර වූ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.

මේ අතර, වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද්මිරාල් ධූරයට උසස්විම් ලැබ ලබන අගෝස්තු 22 වන දින ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානී තනතුරට පත්විමට නියමිතව ඇත.

ඒ අනුව රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා මහතා එදීනම (2017 අගෝස්තු 22) වයිස් අද්මිරාල් ධූරයට උසස්විම් ලැබ නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනිමට නියමිතව ඇත.