‘නාවික ජර්නලය’ (Navy Journal) සිව්වන කලාපය එළිදකී
 

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) සිව්වන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු රෝහිත පෙරේ‍රා මහතා විසින් අද (2017 අගෝස්තු 18) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන් විය.

එම අවස්ථාව සඳහා නාවික සහායක, නාවික හමුදා පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, කපිතාන් රොහාන් ජෝශප් මහතා සහ නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතාද සහභාගී විය. නාවික පුද්ගලයන්ගේ පර්යේෂණ දැනුම පුළුල් කිරීම හා නව පර්යේෂණ කෙරෙහි නැඹුරුතාවය වර්ධනය කිරීමේ අරමුණින් ‘නාවික ජර්නලය’ ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කෙරුණි.