නිතී විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 21) කල්පිටිය, ඔඩක්කරතිව්, සින්න එරුමතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ඩිංගි යාත්‍රා 3ක්, තහනම් දැල් 5 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 7 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාවන් සහ අනෙකුත් ආම්පන්න සියල්ල ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.