අභිනව නාවික හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 22) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. නාවික හමුදාධිපතිතුමන් වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් සින්නයියා මහතා, ප්‍රථමයෙන්ම අතිගරු ජනාධිපතිතුමන් බැහැ දැකීමට පියවර ගෙන ඇත.

ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී අතිගරු ජනාධිපතිතුමන් විසින් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කරන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් හමුවූ මෙම පළමු නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සින්නයියා මහතා විසින් ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කෙරිණි.