නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘RCYC Commodore’s Race Sailing Championship – 2017’ රුවල් යාත්‍රා තරඟාවලිය පසු ගිය අගෝස්තු මස 26 වන දින බොල්ගොඩ ජලාශයේ දී පැවැත්විණි. එම තරඟාවලියේ ජයග්‍රහණ කීපයක් අත් කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට හැකි විය.

මෙම තරඟාවලිය සඳහා රුවල් යාත්‍රා සමාජයන් නියෝජනය කරමින් රුවල් යාත්‍රා 27 ක් සමග තරඟකරුවන් 35 දෙනෙකු සහභාගි වී සිටියහ. එහිදී ලේසර් අංශයේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන මෙන්ම එන්ටර්ප්‍රයිස් අංශයේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට නාවික හමුදා රුවල් ඔරු සංචිතය නියෝජනය කළ ක්‍රීඩකයන් හට හැකි විය.