වැදගත් සිදුවීම්

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ලේකම් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ලේකම් ෆ්රාන්ස් ඇඩම්සන් මෙ‍නවිය අද (සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

02 Sep 2017

ඉංගිරිය ප්‍ර‍දේශයේ සිදුවු තෙල් කාන්දුවීම වැලැක්විමට නාවික හමුදා සහය
 

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් බවුසරයක් ඊයේ (2017 සැප්තැම්බර් 01) මඩල, ඉංගිරිය ප‍්‍රදේශයේ දී පෙරලීමෙන් තෙල් කාන්දු වීමකට ලක්ව ඇත.

02 Sep 2017

නීති විරෝධී කෘමිනාශක තොගයක් සමග ඉන්දීය ජාතිකයින් 03 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත උතුරු මැද නාවික විධානයට අයත් නෞකාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (2017 සැප්තැම්බර් 01) කුදිරමලෛයි සිට නාවික සැතපුම් 33 ක් පමණ බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙරටට රැගෙන එමින් සිටි නීති විරෝධී කෘමිනාශක (Ammonium salt of glyphosate) කිලෝග්‍රෑම් 1125 ක ප්‍රමාණයක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

02 Sep 2017