වැදගත් සිදුවීම්

ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා සැප්තැම්බර් 04 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

04 Sep 2017

නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 04) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු, කරූ ජයසූරිය මහතා හමු විය.

04 Sep 2017

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2017 සඳහා සයුර සහ සාගර නෞකාවන් පිටත්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2017) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සාගර යන නෞකාවන් අද (සැප්තැම්බර් 04) ත්‍රිකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් විය.

04 Sep 2017

කොරියානු තානාපතිතුමන් නව නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චෑන්, වොන් -සෑම් මහතා අද (සැප්තැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

04 Sep 2017

ඉන්දීය ධීවරයින් 80 දෙනෙකු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙයි
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 76 දෙනෙකු සහ අනතුරට පත්ව මුහුදේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරා ගත් ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු යලි එරටට භාර දීම අද (සැප්තැම්බර් 04) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

04 Sep 2017

නව නාවික හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 04) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා හමුවිය.

04 Sep 2017

වෛද්‍ය රියර් අද්මිරාල් ඊඩබ් ජයසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ නාවික වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ වෛද්‍ය රියර් අද්මිරාල් ඊඩබ් ජයසිංහ මහතා සිය 32 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (සැප්තැම්බර් 04) විශ්‍රාම යන ලදී.

04 Sep 2017