ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී හීස් මහතා අද (සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය. එම අවස්ථාව සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් එස් පේජ් මහතා ද එක් විය.

එහිදී, ඔවුන් නාවික හමුදාධිපතිතුමන් වෙත සුභ පැතුම් එක් කළ අතර, ඉන් අනතුරුව ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.