නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැලැක්විම පිළිබඳව පුහුණු පාඨමාලාවක් වැලිසර දී
 

නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැලැක්විම පිළිබඳ විෂය කරුණු හුවමාරු පාඨමාලවක් ඊයේ (2017 සැප්තැම්බර් 11) වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදි ආරම්භ විය. නාවික හමුදා පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මෙහෙයවිම එක්සත් ජනපද මැරීන් බලකාය විසින් සිදු කරනු ලබයි.

මෙම පාඨමාලාව පුහුණුකරුවන් පුහුණු කිරීම (Training of Training) සඳහා සහ උපක්‍රමික සංග්‍රාමික කටුයුතු වලදි ඇතිවන අනතුරු සඳහා පුහුණුව වශයෙන් කොටස් දෙකකින් (02) සමන්විත වේ. මැරීන් බලකාය, විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය සහ වෛද්‍ය අංශයේ නාවිකයින් ඇතුළුව 70 දෙනෙකු මේ සඳහා සහභාගි වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනය පරිදි ඉන්දිය සන්නද්ධ හමුදා වෛද්‍ය සේවා පුද්ගලයින් කණ්ඩායමක්ද මෙම පාඨමාලාව සඳහා එක් වි සිටි.

මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ ලෙස නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැලැක්වීම පිළිබඳව මනා දැනුමක් එම වැඩසටහනට සම්බන්ධ වන පුද්ගලයින් හට ලබා දිමට අපේක්ෂා කෙරේ. තවද, විශාල ආපදා සහගත තත්වයකදී, මානුෂිය සහන මෙහෙයුම් වලදි සහ වෙනත් හදිසි තත්වයන් යටතේ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පුහුණුව මෙමගින් ලබා දෙන අතර, මෙම වැඩසටහන 22 වන දින අවසන්විමට නියමිතය.