දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (02) බේරා ගැනේ
 

නුවරඑළිය, ග්‍රෙගරි වැ‍වේහි ජේට් ස්කයි (Jet Ski) යාත්‍රා පදවමින් සිටියදී එම යාත්‍රාව පෙරලී යාමෙන් අනතුරට පත්ව දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (02) බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ (සැප්තැම්බර් 12) සමත් විය.

අම්පාර උහන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් පදවමින් සිටි එම යාත්‍රාව පාලනය කර ගැනීමට නොහැකි වී මෙම අනතුරට මුහුණපා ඇත. මේ පිළිබඳ සැළවීමත් සමඟම කඩිනමින් ක්‍රියාත්මක වු නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයේ (4 RU) නාවිකයන් පිරිසක් විසින් එම පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.