ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර දියත් විධානය නියෝජිත, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර දියත් විධානය නියෝජනය කරන, ලුතිනන් කොමාණ්ඩර් රූබන් බ්ලොෆ්ස්යින් මහතා අද (සැප්තැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු නාවික උපදේශක ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් පේජ් මහතා ද සහභාගී විය.

ශ්‍රී ලංකා නාවික හමුදා සහ ඇමරිකා එක්සත් ජනපද නාවික බුද්ධි අංශ හා ශාන්තිකර දියත් විධාන නියෝජිතයින් අතර පැවැත්වෙන බුද්ධි අංශ ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩමුළුව සඳහා සහභාගී වීමට පැමිණ සිටින අතරතුර දී ලුතිනන් කොමාණ්ඩර් බ්ලොෆ්ස්යින් මහතා මෙලෙස නාවික හමුදාධිපතිතුමන් හමුවී ඇත. එහිදී, ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.