නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ සහකාර වනජීවි අධ්‍යක්ෂ කාර්යාලයට (බටහිර) අයත් නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අද (ඔක්තෝබර් 05) දින ගජමුතු 08 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගජමුතු තොගය අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ගජමුතු තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා  සහකාර වනජීවි අධ්‍යක්ෂ කාර්යාලය (බටහිර) වෙත භාර දීමට කටයුතු කරන ලදී.