ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය 2017 ට සමගාමීව භරණ ආයතනයේ රුක් රෝපණයක්
 

2017 ඔක්තෝමබර් 06 වන දින සිට 12 වන දින දක්වා යෙදී ඇති ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතියට සමගාමීව ඊයේ (ඔක්තෝබර් 05) මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන භරණ ආයතනයේ විධායක නිලධාරී කොමාණ්ඩර් ඉන්දික කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, ඒ සදහා ගෞරවණීය ස්වාමීන්වහන්සේ නමක් ඇතුළු නිලධාරීන් සහ නාවිකයින් රැසක් සහභාගී වී සිටියහ. මේ යටතේ භරණ ආයතනයය මගින් පවත්වාගෙන යනු ලබන කෘෂී ව්‍යාපෘතියේ තක්කාලි, මිරිස්, බෙලි සහ දිවුල් යන ආහාර බෝග මෙන්ම ඇසල, කායක් හා නැදුන් යන වටිනා දුර්ලභ ශාක පැල සිටුවීම ද සිදු කෙරිණි.