වැදගත් සිදුවීම්

තවත් විදේශීය නාවික හමුදා ප්‍රධානීන් 5 දෙනෙක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සමගාමීව අද (ඔක්තෝබර් 09) විදෙස් නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතර තවත් ද්විපාර්ශ්වික සාකච්ඡා 5 ක් අද (ඔක්තෝබර් 09) සවස් භාගයේදී පැවැත්විණි.

09 Oct 2017

විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ
 

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය නාවික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු අද (ඔක්තෝබර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

09 Oct 2017

ගාලු කථිකාව 8 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අට වන වසරටත් සංවිධානය කරනු ලබන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 09) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

09 Oct 2017