විදේශීය රටවල් 7 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටින විදේශීය රටවල් 7 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් අද (ඔක්තෝබර් 10) උදය කාලයේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. ඒ අනුව ප්‍රංශය, ඉතාලිය, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ස්විස්ටර්ලන්තය සහ සීසෙල්ස් යන රටවල හමුදා ප්‍රධානීන් කොළඹ, ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී මෙලෙස නාවික හමුදාධිපතිතුමන් හමු වූ අතර, ඔවුන් එහිදී, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය.

ප්‍රංශයේ ඒකාබද්ධ සන්නද්ධ හමුදා ආඥාපති, රියර් අද්මිරාල් ඩිඩියර් පේටන් මහතා, ඉතාලි නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී සැළසුම්,මෙහෙයුම් හා නාවික උපායමාර්ගික දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ කපිතාන් සිල්වියෝ ව්‍රෑටොග්න මහතා, ඉන්දියානු නාවික හමුදා උප ප්‍රධානී, වයිස් අද්මිරාල් කම්බීර් සිං මහතා, ඉන්දියානු එක්සත් සේවා සංවිධානයේ සාමාජික, වයිස් අද්මිරාල් සතිෂ් සෝනි මහතා (විශ්‍රාමික), පාකිස්තානු නාවික හමුදාවේ වෙරළබඩ ප්‍රදේශ භාර ආඥාපති, රියර් අද්මිරාල් අබ්දුල් අලීම් මහතා, බංග්ලාදේශ නාවික හමුදාවේ සහකාර සැපයුම් ප්‍රධානී, රියර් අද්මිරාල් මොහොමඩ් ලොග්මනර් රහුමාන් මහතා, ඉන්දියාවේ ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශක, කර්නල් කිස්ටොප් ගර්ස් මහතා සහ සීසෙල්ස් වෙරළාරක්ෂක බලකායේ අණදෙන නිලධාරී, කර්නල් සයිමන් ඩයින් යන මහත්වරුන් මෙලෙස නාවික හමුදාධිපතිතුමන් සමග ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් මෙවර සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් සහ සාගරික ක්ෂේත්‍රයේ ඇතිවන අභියෝග පිටුදැකීම වෙනුවෙන් ඒකමතිකව සහයෝගය ලබා දීම පිළිබඳව ඔවුන් වෙත සිය හෘදයංගම ස්තුතිය පිරිනමන ලදී. එම අවස්ථාවන් සිනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද එහිදී සිදු කෙරිණි.

නාවික හමුදාධිපතිතුමන් සහ ප්‍රංශයේ ඒකාබද්ධ සන්නද්ධ හමුදා ආඥාපතිතුමන්
 

 

නාවික හමුදාධිපතිතුමන් සහ ඉතාලි නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී සැළසුම්,මෙහෙයුම් හා නාවික උපායමාර්ගික දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ කපිතාන්

 

නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දියානු නාවික හමුදා උප ප්‍රධානීතුමන්

 

නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දියානු එක්සත් සේවා සංවිධානයේ සාමාජිකතුමන්

 

නාවික හමුදාධිපතිතුමන් සහ පාකිස්තානු නාවික හමුදාවේ වෙරළබඩ ප්‍රදේශ භාර ආඥාපතිතුමන්

 

නාවික හමුදාධිපතිතුමන් සහ බංග්ලාදේශ නාවික හමුදාවේ සහකාර සැපයුම් ප්‍රධානී

 

නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දියාවේ ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශකතුමන්

 

නාවික හමුදාධිපතිතුමන් සහ සීසෙල්ස් වෙරළාරක්ෂක බලකායේ අණදෙන නිලධාරීතුමන්