ඉන්දියාවේ කැනඩානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ ඉන්දියාවේ කැනඩානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මිචෙල් හොගන් මහතා අද (ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

එහිදී ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, මෙවැනි අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයක් ඉතා උසස් අයුරින් සංවිධානය කර රටවල් වල නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා කර දීම සම්බන්ධයෙන් එතුමන් නාවික හමුදාධිපතිතුමන් හට ප්‍රශංසාව පිරිනමන ලදී. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.