වැදගත් සිදුවීම්

ඉන්දියාවේ කැනඩානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ ඉන්දියාවේ කැනඩානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මිචෙල් හොගන් මහතා අද (ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

11 Oct 2017

57 වන බඳවා ගැනීමේ මධ්‍ය නිලධාරින්ගේ චිත්‍ර සහ ජායාරූප ප්‍රදර්ශණයක් ත්‍රිකුණාමලයේදීි
 

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ පුහුණුව ලබන 57 වන බඳවා ගැනිමට අයත් මධ්‍ය නිලධාරින්ගේ චිත්‍ර හා ජායාරූප ප්‍රදර්ශණයක් පසුගිය ඔක්තෝබර් 07 වන දින නිලධාරින් පුහුණු කිරිමේ සංචිත‍යේදී පවත්වන ලදී.

11 Oct 2017

‘සයුරුසර’ සඟරාවේ 34 වන කලාපය නාවික හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වෙයි
 

නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ ‘සයුරුසර’ සඟරාවේ 34 වන කලාපය, එහි ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින් අද (ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වෙත පිළිගැන්විණි.

11 Oct 2017

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

11 Oct 2017