‘සයුරුසර’ සඟරාවේ 34 වන කලාපය නාවික හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වෙයි
 

නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ ‘සයුරුසර’ සඟරාවේ 34 වන කලාපය, එහි ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින් අද (ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වෙත පිළිගැන්විණි.

එම අවස්ථාව සඳහා නාවික සහායක හා ‘සයුරුසර’ සඟරාවේ උපදේශක, කපිතාන් අනුර ධනපාල මහතා සහ නාවික හමුදාධිපතිගේ මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරි හා ‘සයුරුසර’ සඟරාවේ සම්බන්ධිකාරක, කොමාණ්ඩර් (අවි) ලංකානාථ දිසානායක මහතාද එක් වූහ. නාවික පුද්ගලයින්ගේ දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම මෙන්ම නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන විවිධ ක්‍රියාකාරකම් හා සමාජ සත්කාරක වැඩසටහන් ඇතුළු විශේෂිත අවස්ථාවන් පිළිබදව දැනුවත් කිරීමේ අරමුණින් යුතුව මෙම සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබයි.