දකුණු හා අග්නිදිග ආසියානු නියෝජ්‍ය ආරක්ෂක සහකාර ලේකම් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා අග්නිදිග ආසියානු නියෝජ්‍ය ආරක්ෂක සහකාර ලේකම්, ආචාර්ය ජෝසෆ් ෆෙල්ටර් මහතා අද (ඔක්තෝබර් 13) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

එහිදී ඔවුන් සාගරික ආරක්ෂාව තහවුරු කිරීම, දෙරටේ නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය තව දුරටත් වර්ධනය කර ගැනීම ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිලිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හීස් මහතා ඇතුළු නියෝජිතයන් දෙදෙනෙකු ද සහභාගී වී සිටියහ.