වැදගත් සිදුවීම්

මත් ද්‍රව්‍ය මැඩලීමේ නාවික හමුදා සමාජ මෙහෙවර
 

මතින් තොර රටක් ගොඩනැගීමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සමඟ අත්වැල් බැද ගනිමින් නාවික හමුදාව නීති විරෝධී මත් ද්‍රව්‍ය වැටලීමේ මහත් සමාජ මෙහෙවරක් ඉටු කරමින් සිටියි.

14 Oct 2017

නිශ්කාෂණ කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හදාරන ලද නාවික නිලධාරීන් 8 දෙනෙකු විසිර යයි.
 

ඉතා අසීරු කිමිදුම් පාඨමාලාවක් වන නිශ්කාෂණ කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ නාවික නිලධාරීන් 8 දෙනෙකු ඊයේ (ඔක්තෝබර් 13) විසිර යන ලදී.

14 Oct 2017

මෙරට අත්අඩංගුවේ පසු වූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි ඉන්දියාවට.
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත් වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම ඊයේ (ඔක්තෝබර් 13) සිදු කෙරිණි.

14 Oct 2017

උතුරේ කඨින පිංකම් 2 ක් නාවික හමුදාවේ මූලිකත්වයෙන්
 

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ එම නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් පසුගිය දිනයන්හිදී කඨින පිංකම් 2 ක් පවත්වන ලදී.

14 Oct 2017

කොමාණ්ඩර් ජනිත බුද්ධික ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ජනිත බුද්ධික මහතා ඊයේ (ඔක්තෝබර් 13) වැඩ භාර ගන්නා ලදී.

14 Oct 2017