වැදගත් සිදුවීම්

‘හරිත රටක් පිරිසිදු පරිසරයක්’ යටතේ නාවිකයන් උතුරු සහ නැගෙනහිර මුහුදේ කොරල්පර නැවත වගා කරයි
 

අතිගරු ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යංශයේ ‘හරිත රටක් පිරිසිදු පරිසරයක්’ යන දැක්ම පෙරදැරිව, ශ්‍රී ලංකා වන ජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරයේ පූර්ණ මෙහෙයවීම යටතේ උතුර සහ නැගෙනහිර නාවික විධානයන්ට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවික පුද්ගලයින් විසින් ත්‍රිකුණාමලය කොරල් කෝව් සහ යාපනය චාට් වෙරළ තීරයේදී කොරල්පර නැවත වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

17 Oct 2017

දක්ෂිණ නාවික පෙරපාසලේ දීපවාලී උත්සවයක් පැවැත්වෙයි
 

හෙට (ඔක්තෝබර් 18) දිනට යෙදී තිබෙන දීපවාලී උත්සවයට සමගාමීව ගාල්ල දක්ෂිණ නාවික පෙ‍ර පාසලේ දරු දැරියන් විසින් අද දින අලංකාරවත් දීපවාලී උත්සවයක් සංවිධානය කර තිබිණි.

17 Oct 2017

සරණංකරාභිමානී 2017 ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය
 

බිංගිරිය, ශ්‍රී සරණංකර ජාතික පාසලට වසර 85 ක් සපිරීම නිමිති කර ගනිමින් එම විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වෙන සරණංකරාභිමානී 2017 අධ්‍යාපනික, වෙළඳ ප්‍රදර්ශණය සහ සැණකෙළියේ නාවික හමුදා ප්‍රදර්ශණ කුටියක් ස්ථාපිත කොට ඇත.

17 Oct 2017