වැදගත් සිදුවීම්

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ශිෂ්‍යත්ව කඩඉම ඉහලින් ජයගත් දියණියගේ ගමට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්
 

නාවික සමාජීය මෙහෙවර මඟින් ගලේවෙල පහල දිග්ගල ගම්මානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (ඔක්තෝබර් 23) ජනතා අයිතියට පත් කෙරිණි.

23 Oct 2017

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

23 Oct 2017

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකුට පොලී රහිත ණය මුදල් ප්‍රදානය නාවික හමුදාධිපතිතුමා අතින්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ජ්‍යෙෂඨ නාවිකයින් 40 දෙනෙකු වෙත ලක්ෂ පහක‍් (05) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ඔක්තෝබර් 23) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි.

23 Oct 2017

බංග්ලාදේශ නාවික නෞකා සොමුද්‍රා අවිජාන් කොළඹ වරායට සේන්දු වෙයි
 

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් සොමුද්‍රා අවිජාන් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ඔක්තෝබර් 23) කොළඹ වරායට ‍සේන්දු විය.

23 Oct 2017

ශ්‍රීලංනානෞ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් යසන්ත ද සිල්වා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් යසන්ත ද සිල්වා අද (ඔක්‍‍තෝම්බර් 23) වැඩ භාර ගන්නා ලදී.

23 Oct 2017