නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද්මිරාල් ධූරයට උසස් කෙරේ
 

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 25) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් ධූරයට උසස් කර ඇත.එතුමන් වසර 35 කට ආසන්න කාලයක් නාවික හමුදාව වෙනුවෙන් සුවිශේෂි සේවාවක් ඉටු කර ඇත.

1982 වසරේදී ශ‍්‍රී ලංකා නාවික හමුදා 11 වන ශිෂ්‍යභට නිලධාරි බදවා ගැනිමට එක්ව ඇති එතුමන්තම මව්බිම වෙනුවෙන් ඉටු කළ සේවාව අතිමහත්ය. අනගිභවනීය සේවයක් ඉටු කර හෙට (2017 ඔක්තෝබර් 26) දින වත්මන් නාවික හමුදාධිපති, අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාවෙන් විශ්‍රාම යෑමට නියමිතය.