වැදගත් සිදුවීම්

ඉන්දියානු නාවික නෞකා ‘සුට්ලෙජ්’ නෞකාව කොළඹ වරායට පැමිණේ
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා ඊයේ (ඔක්තෝබර් 26) කොළඹ වරායට සේන්දු විය.

27 Oct 2017

කොරියානු නාවික හමුදාවට අයත් නාවික නෞකා 2 ක් කොළඹ වරායට සේන්දු වේ
 

කොරියානු නාවික හමුදාවට අයත් ‘කෑනග් ගම් චැන්’ සහ ‘හ්වාචන්’ නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (ඔක්තෝබර් 26) කොළඹ වරායට ‍සේන්දු විය.

27 Oct 2017

බංග්ලාදේශ නාවික නෞකා සොමුද්‍රා අවිජාන් නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය ඔක්තෝබර් 23 දින කොළඹ වාරයට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් සොමුද්‍රා අවිජාන් නෞකාව ඊ‍යේ (ඔක්තෝබර් 26) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

27 Oct 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ඔක්තෝබර් 26) වන දින කෝවිලම් ප්‍රදිපාගරයේ සිට නාවික සැතපුම් 16.7 ක් පමණ උතුරු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

27 Oct 2017