වැදගත් සිදුවීම්

පාකිස්තානු මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) ආචාර්ය ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා අද (නොවැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

30 Nov 2017

නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 29) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය.

29 Nov 2017

රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුකට අනුව CMA CGIM Orfeo නම් බහාලුම් නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (නොවැම්බර් 28) උදෑසන කටයුතු කරන ලදී.

29 Nov 2017

67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් ඉස්ලාම් ආගමික වැඩසටහනක්
 

දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද ඉස්ලාම් ආගමික වැඩසටහන අද (නොවැම්බර් 29) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.

29 Nov 2017

ආපදා කළමණාකරන හා මුල් ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව සාර්ථක ලෙස නිමා වෙයි
 

පසුගිය නොවැම්බර් මස 23 වන දින කල්පිටිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු පළමු ආපදා කළමණාකරන හා මුල් ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව ඊයේ (නොවැම්බර් 28) සාර්ථක ලෙස නිමාවට පත් විය.

29 Nov 2017

පුහුණු වන නාවික නිලධා‍රීන්ගේ සංගීතයෙන් හැඩගැන්වූ Live in Uncommon 2017 සංගීතමය සැදෑව
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නාවික නිලධාරීන් විසින් සංවිධානය කරන ලද Live in Uncommon 2017 සංගීත ප්‍රසංගය පසුගිය නොවැම්බර් මස 26 වන දින අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

29 Nov 2017

නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (නොවැම්බර් 27) ‍නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

28 Nov 2017

සාර්ථක සංචාරයකින් පසු ශ්‍රීලංනානෞ සයුරළ යලි දිවයිනට
 

අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා පසුගිය නොවැමිබර් මස 09 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව දින 21 ක සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 28) යළි කොළඹ වරායට සේන්දු විය.

28 Nov 2017

නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට
 

පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය.

28 Nov 2017

ජාතික ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
 

ශ්‍රී ලංකා ජාතික ප්‍රවීණයන්ගේ මේස පන්දු සංගමය මඟින් සංවිධානය කරන ලද ප්‍රවීණයන්ගේ ජාතික මේස පන්දු තරඟාවලිය ඊයේ (නොවැම්බර් 25) ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුණු අතර, ඉන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා ප්‍රවීණයන්ගේ මේස පන්දු කණ්ඩායමට හැකියාව ලැබිණි.

26 Nov 2017