වැදගත් සිදුවීම්

ඉන්දියානු නාවික හා වෙරළාරක්ෂක නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයිි
 

සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 02) දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන්‍ නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

02 Nov 2017

ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන් අද (නොවැම්බර් 02) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු කටයුතු සිදු කිරීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

02 Nov 2017

ඉන්දුනීසියානු රුවල් නෞකාව කොළඹ වරායෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ඔක්තෝබර් මස 30 වන දින මෙරටට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘බිම සුකී’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 02) කොළඹ වරායෙන් පිටත් විය.

02 Nov 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 02) අළුයම ඩෙල්ෆ්ට් දූපතට උතුරු සහ බටහිර දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් වලදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 3 ක් අත්අඩංගුවට ගෙන ඇත.

02 Nov 2017