වැදගත් සිදුවීම්

බංග්ලාදේශ ආරක්ෂක උපදේශකතුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු එස්එම් හකීම් මහතා අද (‍නොවැම්බර් 04) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමු විය.

04 Nov 2017

ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික පුද්ගලයින් වෙනුවෙන් විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක්
 

පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 02 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික සහ වෙරළාරක්ෂක බලකා නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය හා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් අද (නොවැම්බර් 04) කොළඹ වරාය පරිශ්‍රයේදී විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක් සංවිධානය කොට තිබිණි.

04 Nov 2017

නීති විරෝධී ලෙස හක්බෙල්ලන් 3033 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (නොවැම්බර් 03) රාත්‍රී මන්නාරම, ඔලුතුඩුවායි ප්‍රදේශයේ නීති විරෝධී ලෙස හක්බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

04 Nov 2017

රෝගාතුර ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (නොවැම්බර් 03) කටයුතු කරන ලදී.

04 Nov 2017