වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් දළදා සමිඳුන් වැඳපුදා ගනී
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අභිනව නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව ඊයේ (නොවැම්බර් 04) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට කටයුතු කරන ලදී.

05 Nov 2017

පාකිස්තානු නාවික නෞකා සයිෆ් කොළඹ වරායට සේන්දු වෙයි
 

පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාව අද (නොවැම්බර් 05) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

05 Nov 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 05) අළුයම වෙත්තලකේනි ප්‍රදේශයට ඊසාන දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

05 Nov 2017