වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් යුද හමුදාධිපතිතුමා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 06) යුද හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමු විය.

06 Nov 2017

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සහ පුහුණු සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් මස 02 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 06) කොළඹ වරායෙන් පිටත් විය.

06 Nov 2017

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමු වෙයි
 

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා අද (නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

06 Nov 2017

පාකිස්තානු නාවික නෞකා සයිෆ් හි අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 05) මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ශහ්සාඩ් ඉක්බාල් මහතා අද නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

06 Nov 2017

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට
 

පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

06 Nov 2017