චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
 

චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා සහ සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් යේ කයින්හා යන මහත්වරුන්, බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.

එහිදී ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.