වැදගත් සිදුවීම්

චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා සහ සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් යේ කයින්හා යන මහත්වරුන්, කොළඹ, නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

10 Nov 2017

චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
 

චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා සහ සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් යේ කයින්හා යන මහත්වරුන්, බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.

10 Nov 2017

කොමදෝරු සුසිල සේනාධීර මහතා ජනාධිපති කාර්යය මණ්ඩල අධ්‍යක්ෂ ඉංජිනේරු තනතුරට පත් කෙ‍රේ
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු (සිවිල් ඉංජිනේරු) සුසිල සේනාධීර මහතා ජනාධිපති කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු තනතුරට පත් කර ඇත.

10 Nov 2017

අන්තර් විධාන සරඹ තරඟාවලිය පූනෑවේදී පැවැත්වෙයි
 

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 08 වන දින පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි.

10 Nov 2017

චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායට
 

චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් පුහුණු නෞකාව අද (නොවැම්බර් 10) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

10 Nov 2017