සමස්ථ ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණයක්
 

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ථ ලංකා අන්තර් සමාජ ප්‍රවීණයෙන්ගේ මේස පන්දු තරඟාවලිය - 2017 පිරිමි අංශයේ ඒ කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාවට හැකි විය. එහිදී, විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ සාමාන්‍ය නාවික ඉන්දික ප්‍රසාද් සිල්වාහට හැකි වූ අතර, කොමදෝරු සිසිර වීරකෝන් සහ කොමාණ්ඩර් තිලක් මලලගම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් තරඟ කරන ලදී.

එම තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 11 වන දින ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, මෙවර එය සංවිධානය කොට තිබුනේ 17 වන වරටය. මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා සහ දිවයිනේ ප්‍රවීණයන්ගේ කාන්තා හා පිරිමි මේස පන්දු සමාජයන් නියෝජනය කරමින් කණ්ඩායම් 25 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.