වැදගත් සිදුවීම්

රුසියානු තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති, යූරි මෙටේරි මහතා අද (නොවැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

16 Nov 2017

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ජ්‍යෙෂඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (05) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (නොවැම්බර් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි.

16 Nov 2017

සුළු නිලධාරී ඩබ්එම්එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ සුළු නිලධාරී ඩබ්එම්එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී.

16 Nov 2017

ශ්‍රීලංනානෞ සයුරළ තායිලන්තයේ පතා‍යා වරායට සේන්දු වෙයි
 

අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා පසුගිය නොවැමිබර් මස 09 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අද (නොවැම්බර් 16) තායිලන්තයේ පතායා වරායට සේන්දු විය.

16 Nov 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (නොවැම්බර් 15) රාත්‍රී පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

16 Nov 2017