ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (නොවැම්බර් 18) කච්චතිව් දුපතට ඊසන දෙසින් සහ ඩෙල්ෆ්ට් දුපතට බටහිර දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් වලදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 02 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවන් සහ අනෙකුත් ධීවර ආම්පන්න කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද, ධීවරයින් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙතද රැගෙන එන ලදි. ඉන් අනතුරුව එම ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි.