වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානය විසින් නයනතිව් දුපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (නොවැම්බර් 18) යාපනය, නයනතිව් දූපතේ පිහිටි නාගදීප රජමහා විහාරස්ථානයේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

19 Nov 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (නොවැම්බර් 18) කච්චතිව් දුපතට ඊසන දෙසින් සහ ඩෙල්ෆ්ට් දුපතට බටහිර දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් වලදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 02 ක් අත්අඩංගුවට ගෙන ඇත.

19 Nov 2017